නිකවැරටිය මුස්ලිම් මහා විද්‍යාලයේ මවුපිය සිසු දැනුම්වත් කිරීමේ වැඩසටහනක්

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 10:02 - {{hitsCtrl.values.hits}}  

මත්ද්‍රව්‍යවලින් දුරස්ව සිටීමට හා ළමා ආරක්ෂාව ගැන පාසල් සිසුන්  හා මවුපියන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක්, නිකවැරටිය මුස්ලිම් මහා විද්‍යාලයේදී පසුගියදා පැවැත්වුණි.
නිකවැරටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරි සංජීව බණ්ඩාර මහතා එම දේශන පැවැත්වීය. මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වීමෙන් විය හැකි විනාශය හා එවිට මුහුණපෑමටවිය හැකි තත්ත්වය පිළිබඳව මෙහිදී පැහැදිලි කෙරිණි.
ළමා අපයෝජන වලින් මිදීමටත්,එවන් අවස්ථාවලදී ක්‍රියා කළයුතු ආකාරයත්  තම ආරක්ෂාවට තර්ජනයක් වන අවස්ථාවක ආරක්ෂා විය යුතු ආකාරය හා එවැනි අවස්ථා ගැනත් පාසල් සිසුන් දැනුම්වත් කෙරැණි.
දරැවන්ගේ ආරක්ෂාව ගැන  මාපියන් ක්‍රියා කළයුතු ආකාරය ගැනද, මෙහිදී දැනුම්වත් කෙරිණි.
(නිකවැරටිය - ප්‍රියානි මංගලිකා)

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...