පල්ලේකණුගල කනිෂ්ඨයේ දේශීය පලතුරැ ප්‍රවර්ධන වැඩසටහනක්

2025 අප්‍රේල් මස 19 ප.ව. 09:26 - {{hitsCtrl.values.hits}}  

පාසල් සිසුන් අතර දේශිය පලතුරැ පරිභෝජනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කෙරැණු වැඩ සටහනක් රැවන්වැල්ල කෘෂිකර්ම උපදේශක කොට්ඨාස යේ පිහිටි   පල්ලේකණුගල කනිෂ්ඨ විද්‍යාලයේ දී පසුගියදා පැවැත්වුණි.
මෙහි දී දේශිය පලතුරැවල පෝෂ්‍ය ගුණය ගැන පාසල් සිසුන්  දැනුම්වත් කෙරැණි. ඒ සඳහා පේරාදෙණිය ආහාර පර්යේෂණ ඒකකයේ පර්යේෂණ නිලධාරී අනෝමා සේනාරත්න මහත්මිය සහභාගි වූවාය.
 දේශිය පලතුරැ වන අන්නාසි, කොමඩු, අනෝදා, වෙරළු, අලිගැට පේර, නෙල්ලි, කාමරංගා, ඇඹරුල්ලා, බෙලි, පේර, දිවුල් ඇසුරින්  ස්වාභාවික පලතුරැ බීම වර්ග සාදන ආකාරය ගැනත් දැනුම්වත්  කෙරැණි. පාසල් සිසු සිසුවියන්ගේ කෘෂිකාර්මික දැනුම වර්ධනය කිරීමේ අරමුණින් බටුවිට මහා විද්‍යාලය හා පල්ලේකණුගල කනිෂ්ඨ විද්‍යාල අතර  අන්තර් පාසල් දැනුම් මිනුම තරගයක් ද පැවැත්වුණි. මෙහි දී බටුවිට මහා විද්‍යාලය නියෝජනය කළ කණ්ඩායමට ජයග්‍රහණය හිමිවිය.
සබරගමුව පළාත් කෘෂිකර්ම අංශයේ ප්‍රතිපාදන මත එම පාසල්වලට නැවුම් පලතුරැ පරිභෝජනය සදහා අවශ්‍ය උපකරණ කට්ටල බෙදා දීමද සිදුවිය.
මෙම අවස්ථාවට සබරගමුව පළාත් අතිරේක කෘෂිකර්ම අධ්‍යක්ෂ ධනංජලී බංඩාර, රැවන්වැල්ල සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ නිර්මා රාජපක්ෂ යන මහත්මීහු,කෘෂිකර්ම උපදේශක හා ගුරැ මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක්  ද සහභාගි වී සිටියහ.
(මොරොන්තොට එන්. ආරච්චි)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...