පහත්ගම රෝමානු කතෝලික විදුහලෙන් රංගධාරා

2025 අප්‍රේල් මස 20 ප.ව. 12:39 - {{hitsCtrl.values.hits}}  

හෝමාගම අධ්‍යාපන කලාපයට අයත් පහත්ගම රෝමානු කතෝලික කනිෂ්ඨ විදුහලේ ප්‍රාථමික අංශයේ සිසු සිසුවියන් විසින් ඉදිරිපත් කළ &රංගධාරා* විවිධ ප්‍රසංගය බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලෙනාඩ් කරැණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හංවැල්ල රාජසිංහ විදුහල් ශ්‍රවණාගාරයේ පසුගියදා පැවැත්විණි.
පළමු වසරේ සිට පස්වැනි වසර දක්වා සියලු පන්ති නියෝජනය කරමින් නාට්‍යය හා නර්තනයන් ඉදිරිපත් කරන ලදී.
විදුහල්පතිනී ඩී. එන්. සී. ගම්ලත් මහත්මියගේ උපදේශකත්වයෙන් ප්‍රාථමික අංශයේ නියෝජ්‍ය විදුහල්පතිනී ජී. එස්. ආර්. වික්‍රමසිංහ මහත්මිය ඇතුලු ආචාර්ය මණ්ඩලය විසින් විවිධ ප්‍රසංගය සංවිධානය කර ඇත.
(ලබුගම - ජූඩ් රෝෂන් කළුපේ ආරච්චි)   

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...