පාදුක්ක අමරසිරි පද්මපෙරැම විදුහලෙන් ඩෙංගු මර්දන ප්‍රදර්ශනයක්

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 08:43 - {{hitsCtrl.values.hits}}  

පාදුක්ක අධ්‍යාපන කොට්ඨාසයේ පාදුක්ක අමරසිරි පද්මපෙරැම කනිෂ්ඨ විද්‍යාලයේ සිසු දරැ දැරියන් විසින් පාසල් ප්‍රජාව දැනුම්වත් කිරීමේ අරමුණින් සංවිධානය කළ ඩෙංගු මර්දන ප්‍රදර්ශනයක් විදුහලේ දී පසුගියදා පැවැත්වුණි.
මිනිසා විසින් පරිසරයට මුදාහරින නොදිරන ද්‍රව්‍ය ප්‍රයෝජනයට ගනිමින් කෙරැණු නිර්මාණ රාශියක් එහිදී ප්‍රදර්ශනයට ඉදිරිපත් කර තිබුණි.
විදුහල්පති ආර්. සේමසිරි මහතාගේ මග පෙන්වීම යටතේ ආචාර්ය මණ්ඩලයේ ද සහයෝගයෙන් සිසු දරැ දැරියන් විසින් සංවිධානය කළ මෙම ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් හෝමාගම අධ්‍යාපන කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා මාලනී මල්දෙනිය මහත්මිය සහභාගි විය.
එම අවස්ථාවට බෝජේ රාජසිංහ කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති ජේ. සී. කුමාර මහතාද, ගුරැ උපදේශකවරැ ද, ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැ ද, මවුපියෝ ද සහභාගි වූහ.
(පාදුක්ක විශේෂ නිහාල් වෙත්තසිංහ)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...