පාදුක්ක සිරි පියරතන කනිෂ්ඨයේ ඉංග්‍රීසි දිනය දා

2025 අප්‍රේල් මස 19 ප.ව. 04:33 - {{hitsCtrl.values.hits}}  

පාදුක්ක සිරි පියරතන කනිෂ්ඨ විද්‍යාලයේ ඉංග්‍රීසි දිනය හෝමාගම අධ්‍යාපන කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා පී.ඩී.අයි.කේ.පරණගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් විදුහල් ශාලාවේ දී පසුගියදා පැවැත්වුණි.
විදුහලේ සිසු සිසුවියන් විසින් ප්‍රධාන ආරාධිත අමුත්තන් ඇතුළු අනෙකුත් ආරාධිත අමුත්තන් පිළිගැනීමෙන් පසු විදුහලේ තූර්ය වාදක මණ්ඩලය පෙරටු කරගනිමින් ඔවුන් සියලු දෙනාම ප්‍රධාන ශාලාවට කැඳවාගෙන ඒම සිදු කෙරැණි. උත්සවය වර්ණවත් කරමින් සිසුහු විවිධ නර්තන ඉදිරිපත් කිරීම සිදු කෙරැණි.
විදුහල්පති නිමල් බණ්ඩාර මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය උත්සවය සංවිධානය කළහ.
එම අවස්ථාවට හෝමාගම අධ්‍යාපන කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා පී.ඩී.අයි.කේ.පරණගම, පාදුක්ක සහකාර ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක, පාදුක්ක සිරි පියරතන මහා විද්‍යාලයේ විදුහල්පති නිහාල් පද්මසිරි, අංගම්පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති ටී.බී. දිසානායක යන මහත්වරැ ද ආරාධිත අමුත්තෝ ද සිසු සිසුවියෝ ද, මවුපියෝ ද සහභාගි වූහ.
(පාදුක්ක විශේෂ - නිහාල් වෙත්තසිංහ)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...