පැරූලිය ශ්‍රී ජිනරතන විදුහලෙන් කියවීමේ කඳවුරක්

2025 අප්‍රේල් මස 20 ප.ව. 02:00 - {{hitsCtrl.values.hits}}  

ජාතික කියවීමේ මාසය වෙනුවෙන් දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පුස්තකාල සංවර්ධන අංශය මගින් සංවිධානය කෙරැණු ශිෂ්‍ය කියවීමේ කඳවුරක් පැරූලිය ශ්‍රී ජිනරතන මහා විදුහලේ දී පසුගියදා පැවැත්වුණි.
අම්බලන්ගොඩ කලාපයේ පාසල් 5 ක සිසු දරැවෝ 150 ක් සහ ගුරැවරැ පිරිසක් මෙයට සහභාගි වූහ.
අන්තර්ජාලය භාවිතයෙන් භූමි පරිශ්‍රයක පිහිටීම හඳුනාගැනීම, ඉංග්‍රීසි සිංහල ශබ්ද කෝෂය නිවැරදිව පරිශීලනය කිරීම, සිතියම් කියවීම, ගණිතාගාර භාවිතය, පුස්තකාලයක් මැනවින් පරිහරණය කිරීම හා භාවිතය සහ සෞන්දර්ය ක්‍රියාකාරකම් පිළිබඳ මෙම කියවීමේ කඳවුරේ දී දැනුම්වත් කෙරිණ.
දකුණු පළාත් පුස්තකාල සංවර්ධන සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ඉන්ද්‍රරත්න කළුආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් පැවැති මෙම කියවීම් කඳවුරට පැරූලිය ශ්‍රී ජිනරතන මහ විදුහලේ විදුහල්පති සරත් විතාරණ මහතා පහසුකම් සැපයූ අතර එම විදුහලේ ගුරැභවතුන් වන නිමාලි දීපිකා, ආර්. සුනිල් ද සිල්වා, ස්වීතා ඔගස්මා, ඒ. ඤාණසිරි යන මහත්ම මහත්මීහු සම්පත් දායකත්වය ලබා දුන්හ.
වත්මන් සිසුන් තුළ යහපත් ආකල්ප නොවීමේ කාලීන සමාජ ගැටලුවට විසඳුමක් ලෙසින් ඔවුන් තුළ යහපත් ආකල්ප සංවර්ධනය කෙරෙන්නේ කෙසේද යන්න ගැනද මෙම කියවීම් කඳවුරේ දී සිසුන් දැනුම්වත් කෙරිණ.
(හික්කඩුව අමරසේන විතානගේ)

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...