පැරූලිය ශ්‍රී ජිනරතන විදුහලෙන් සිසු අත්කම්

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 10:02 - {{hitsCtrl.values.hits}}  

තෙල්වත්ත, පැරූලිය ශ්‍රී ජිනරතන මහා විද්‍යාලයේ &සිසු විස්කම්* ප්‍රායෝගික තාක්ෂණ කුසලතා හා ගෘහ ආර්ථික විද්‍යා ප්‍රදර්ශනය එම විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්වුණි.
විදුහල්පති සරත් විතාරණ, ගෘහ ආර්ථික විද්‍යාල ආචාරිනී වයි. ආර්. එම්. ද සිල්වා යන මහත්ම මහත්මීන්ගේ මග පෙන්වීම මත ගෘහ ආර්ථික විද්‍යා ඒකකය මෙවර පස්වැනි වරටත් මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබුණි.
කේක් සහ කේක් ආකෘති, මල් සැරසිලි, ළමා සහ ළදරැ ඇඳුම්, තිර රෙදි, බිත්ති සැරසිලි, විවිධ අත්කම් සහ ආහාර පාන වර්ග ප්‍රදර්ශනයට තබා තිබුණි. තෝරාගත් හොඳම නිර්මාණ සඳහා ත්‍යාග හා සහතිකපත් පිරිනැමුණි. අම්බලන්ගොඩ කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා චින්තානි අතුකෝරාල, ගෘහ ආර්ථික විද්‍යා විෂය සහකාර අධ්‍යාපන  අධ්‍යක්ෂිකා එන්. එන්. වන්නිආරච්චි, ගෘහ ආර්ථික විද්‍යා ගුරැ උපදේශිකා, සනලා වික්‍රමරත්න යන මහත්මීන් අතින් ප්‍රදර්ශනය විවෘත විය.
(රත්ගම ගාමිණී මහදුර)

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...