2025 අප්‍රේල් මස 19 ප.ව. 09:26 - {{hitsCtrl.values.hits}}
මධ්‍යම පරිසර අධිකාරියේ සබරගමුව පළාත් කාර්යාලය පැල්මඩුල්ල කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ සහයෝගය ලබා ගනිමින් සංවිධානය කළ පුංචි අපේ පරිසර සමුළුව පැල්මඩුල්ල මහින්ද විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ පසුගියදා දී පැවැත්වුණි. මධ්‍යම පරිසර අධිකාරිය, කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය, ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය, ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සමුළුවට සම්පත් දායකත්වය දරා තිබුණි.
පරිසරය සංරක්ෂණය වෙනුවෙන් පාසල් සිසුන් දැනුවත් කිරීම මෙම කඳවුරෙන් සිදුකෙරැණු අතර විවිධ රාජ්‍ය ආයතන, නිලධාරින් පරිසර සංරක්ෂණය වෙනුවෙන් මැදිහත්වන හා ක්‍රියාකරන ආකාරය මෙහි දි දැනුම්වත් කරන ලදී.
කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ, එම්.ජේ. බණ්ඩාර මහතා, ඉංජිනේරැ අයි.ආර්. එස්. එස්. ඉහළගම මහත්මිය, ඉංජිනේරැ බි.පි.එස්. ජයවීර, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා පරීක්ෂක එම්.එන්. ගුණරත්න, මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර නිලධාරි නිලූක රණසිංහ, සමාජ විද්‍යාඥ ඊ.එස්. පියදර්ශන, එච්. නන්දසිරි සහ ශාන්ත අරැගොඩ මහතා ද මෙම සමුළුවේ සම්පත් දායකයන් ලෙස සහයෝගය දැක්වූහ.
![]() |
diary Read more... |