පුන්සරාට ලොකු ජයක්

2025 ජනවාරි මස 23 ප.ව. 12:37 - {{hitsCtrl.values.hits}}  

ගුරු ගෙදර ග්‍රන්ථකේන්ද්‍රය සිය දසවෙනි වර්ෂ පූර්ණය වෙනුවෙන්  ගුරු - සිසු  සාහිත්‍ය කෙත  රන් අස්වනු නෙළනු පිණිස  පවත්වන ලද   " සද දිය මංකඩ   "  ඇදුරු ප්‍රතිභා සාහිත්‍ය තරගාවලියේ  සමස්ත ලංකා පාසල්  12  -  13  ශ්‍රේණි අතර පවත්වනු ලැබූ  නව කතා විචාර.තරගයේ   ප්‍රථම ස්ථානය මතුගම  ආනන්ද ශාස්ත්‍රාලය ජාතික පාසලේ  13 වසර   විද්‍යා   අංශයේ   පුන්සරා  ප්‍රභාෂී පොද්දෙණිය සිසුවිය  හිමිකරගන ඇත.

දිවයින පුරා පාසල්  12 සහ 13  ශ්‍රේණිවල සිසුන් අතර පැවති මෙම තරගයේ ප්‍රථම ස්ථානය  සදහා රුපියල්  15000 වටිනා  පොත්  පත් හා  මුදල් ත්‍යාගයක් හිමිවිය. කොළඹ මහවැලි කේන්ද්‍රයේ   පසුගිය දා පැවති ගුරු ගෙදර  ඇදුරු ප්‍රතිභා සාහාත්‍ය උළෙලේදී  ඇයට හිමි ත්‍යාග ,සහතිකපත් , හා සම්මානය ලබා ගත්තාය. ගුරු ගෙදර ග්‍රන්ථ  කේන්ද්‍රයේ  නිර්මාතෘ සම්මානනීය ලේඛක  ඉන්දික සංජීව විතාන මහතා ,ප්‍රවීණ ලේඛක  ගුණසේන විතාන , ප්‍රවීණ ලේඛිකා ජයන්තා රුක්මනී සිරිවර්ධන  මහත්ම මහත්මීහු මේ සඳහා එක්වුහ.

(විශ්ව ගැමුණු ප්‍රියංකර) 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...