2025 අප්‍රේල් මස 20 ප.ව. 02:13 - {{hitsCtrl.values.hits}}
බද්දේ/ම ක්‍රිස්තු දේව බාලිකා විද්‍යාලය දෙවැනි වරට සංවිධානය කළ ' කිතු දෙව් ශිල්ප ප්‍රභා ' අධ්‍යාපනික ප්‍රදර්ශනය සිව් දිනක් පුරා එම විද්‍යාලයේ දී පැවැත්විණි.
විදුහල්පතිනි කේ. කේ. කේ. කොඩිතුවක්කු මහත්මියගේ මඟ පෙන්වීම මත විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබුණි. පාසැලේ ඉතිහාසය, පහතරට ශාන්තිකර්ම, සර්ප විමානය, මිනිසා සහ තොරතුරැ , අහස සහ පොළොව , අපේ ආහාර , අපි ලක්වැසියෝ , අපේ අතීත විත්ති , ගෙවත්ත ආරක්ෂාව සහ පරිස්සම ඇතුළු විවිධ අංශ තේමා කොටගත් ප්‍රදර්ශන කුටි 39 කින් මෙම ප්‍රදර්ශනය සමන්විත විය. ගාල්ල දිස්ත්‍රික්කයේ පාසැල් රුසක සිසුන් මෙම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ සිටියහ.
( රත්ගම ගාමිණී මහදුර )
![]() |
diary Read more... |