බදුල්ල අම්පිටිය විදුහලෙන්  ප්‍රායෝගික තාක්ෂණ කුසලතා ප්‍රදර්ශනයක්

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 05:08 - {{hitsCtrl.values.hits}}  

බදුල්ල අම්පිටිය මහා විද්‍යාලයේ වාණිජ අංශය මගින් සංවිධානය කරන ලද ප්‍රායෝගික තාක්ෂණ කුසලතා එළිදැක්වීමේ ප්‍රදර්ශනයක් සහ වැඩමුළුවක් එම විද්‍යාලයේ දී පසුගියදා පැවැත්වුණි.
විද්‍යාලයේ විදුහල්පති ටී.එම්.එස්.පී.තෙන්නකෝන් මහතාගේ උපදෙස් හා මගපෙන්වීම ඇතිව වාණිජ අංශයේ එස්.පී.කුමාර, සුනේත්‍රා කුමාරී, ගුරැ මහත්ම මහත්මීන්ගේ මෙහෙයවීම ඇතිව 7,8 හා 9 ශ්‍රේණිවල ප්‍රායෝගික තාක්ෂණ කුසලතා විෂය හදාරන සිසුන්ගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
ආහාර තාක්ෂණ, දේශීය අත්කම් නිෂ්පාදනය ඇතුළු නව නිර්මාණ රුසක් මෙම ප්‍රදර්ශනයට හා වැඩමුළුවට එක්කර තිබුණි. මෙම වැඩසටහන සඳහා 7,8 හා 9 ශ්‍රේණිවල සියලු ගුරැවරැන්ගේ සක්‍රීය දායකත්වය සහ සහයෝගය ලබා දී තිබුණි. මෙම නිර්මාණ ප්‍රදර්ශනයෙන් හා වැඩමුළුවෙන් දස්කම් දක්වන සිසුන්ගේ නිර්මාණ කලාප හා කොට්ඨාස මට්ටමින් පැවැත්වෙන කුසලතා ශතකය ශිල්ප ප්‍රදර්ශනය සඳහා යොමු කරන බව විදුහල්පති ටී.එම්.එස්.පී.තෙන්නකෝන් මහතා පැවසීය.
(පස්සර කහටරැප්ප ගාමා වීරසිංහ)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...