2025 අප්‍රේල් මස 20 පෙ.ව. 05:04 - {{hitsCtrl.values.hits}}
බම්බලපිටිය සිරි වජිරාරාම ධර්ම විද්‍යාලයට සියවසක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කෙරුණු සියවස් සමරු උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
වජිරාරාමාධිපති, අතිපූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද මහනාහිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙම සැමරුම් උළෙල සංවිධානය කර තිබූ අතර, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත, අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියෝ උත්සවයේ මුලසුන හෙබවූහ. විසිඑක් වැනි සියවසට දහම් පාසල් අධ්‍යාපනයේ ගමන්මග^මැයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විසින් මෙහි විශේෂ දේශනය පවත්වනු ලැබීය.
වජිරාරාමාධිපති ශ්‍රී ලංකා අමරපුර ධර්ම රක්ෂිත නිකායේ මහානායක, රාජකීය පණ්ඩිත,ත්‍රිකුණාමලයේ ආනන්ද නාහිමි, කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පරිවේණාධිපති දර්ශනපති පූජ්‍ය බලංගොඩ සෝභිත නාහිමි හා දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමි මෙහිදී විශේෂ අනුශාසනා සිදුකළහ. දහම් පාසල් සියවස් සමරුව නිමිත්තෙන් සංස්කරණය කරන ලද සියවස් සැමරුම් ග්‍රන්ථයද මෙහිදී එළිදැක්වුණු අතර, එහි පළමු පිටපත ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි. ත්‍රෛනිකායික මහා සංඝරත්නයද, අග‍්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හාබුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. (wmdjbm)
![]() |
diary Read more... |