බමුණාකොටුව ඉසිපතන ශාන්ත ජෝන් ගිලන්රථ කණ්ඩායමට පදක්කම්

2025 අප්‍රේල් මස 11 ප.ව. 06:18 - {{hitsCtrl.values.hits}}  

 වාරියපොළ අධ්‍යාපන කොට්ඨාසයට අයත් බමුණාකොටුව ඉසිපතන මධ්‍ය මහා විද්‍යාලයේ ශාන්ත ජෝන් ගිලන් රථ සේවයේ කණ්ඩායමට නිල ලාංජන පැලඳවීම ශාන්ත  ජෝන් ගිලන් රථ සේවයේ ජාතික කොමසාරිස් ජේ.එම්.නිලාම් මහතාගේ ප්‍රධානත්වයෙන් බමුණාකොටුව ඉසිපතන මධ්‍ය මහා විද්‍යාලයේදී පැවත්වුණි. 
බමුණාකොටුව ඉසිපතන මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති  එම්.එම්.එස්.එස්.කේ.ජයරත්න මහතා ගේ උපදෙස් පරිදි විද්‍යාලයේ ශාන්ත ජෝන් ගිලන් රථ සේවයේ අංශ භාර ගුරැ මහත්ම මහත්මින් විසින් උත්සවය  සංවිධානය කරන ලදී. මෙම අවස්ථාවට ශාන්ත ජෝන් ගිලන් රථ සේවයේ කුරැණෑගල දිස්ත්‍රික්කය භාර දිසා කොමසාරිස් මල්කා හේරත් මහත්මියද සහභාගි වුණි.


(බමුණාකොටුව- චතුර ගයාන් කුමාර)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...