බ/මොරේතොට විදුහලේ ශිෂ්‍ය නායකයන්ට පදක්කම්

2025 අප්‍රේල් මස 18 ප.ව. 09:02 - {{hitsCtrl.values.hits}}  

හාලිඇළ අධ්‍යාපන කොට්ඨාසයට අයත් බ/මොරේතොට විදුහලේ නවක ශිෂ්‍යනායක නායිකාවන් සඳහා පදක්කම් පැලඳවීමේ උලෙළ බදුල්ල පොලීසියේ සේවාස්ථ පුහුණු ආයතනයේ ස්ථානාධිපති ප්‍ර‍ධාන පොලිස් පරීක්ෂක අනුර රාජපක්ෂ මහතාගේ ප්‍ර‍ධානත්වයෙන්  එම විදුහලේදී පසුගියදා පැවැත්විණි.
ශිෂ්‍යනායක නායිකාවන්ට පදක්කම් පැලඳවීම ආරාධිත අමුත්තන් හා මවුපියන් අතින් සිදුකෙරැණි. මෙදින ශිෂ්‍යනායක නායිකාවන් 06 දෙනෙකුට නිල ලාංඡන පලඳවනු ලැබිණි.
 බ/මොරේතොට විදුහලේ විදුහල්පතිනි ජේ.පී.එස්.පතිරණ මහත්මියගේ උපදෙස් මත විද්‍යාලයීය ශිෂ්‍ය නායක මණ්ඩලය භාර ආචාර්ය කේ.එම්.රංජිත් ධර්මසිරි මහතාගේ මූලිකත්වයෙන් මෙම වැඩසටහන සංවිධානය කොට තිබිණි.
 ( හාලිඇළ- විජේරත්න රත්නායක )

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...