බලගොල්ල විද්‍යාලයේ -නවක ශිෂ්‍යනායක නායිකාවන්ට හා පන්තිනායක නායිකාවන්ට නිල ලාංඡන

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 08:37 - {{hitsCtrl.values.hits}}  

 මීගහකිවුල අධ්‍යාපන කලාපයට අයත් බ/ බලගොල්ල විද්‍යාලයේ නවක ශිෂ්‍යනායක නායිකාවන්ට හා පන්තිනායක නායිකාවන්ට නිල ලාංඡන පැලඳවීම  විදුහල්පති අතුල යාපා බණ්ඩාර මහතාගේ සහ මීගහකිවුල කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ සැලසුම් නිලධාරී ඩී. එම්. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පසුගියදා පැවැත්වුණි. විද්‍යාලයීය ගුරැ මණ්ඩලය උත්සවය සංවිධානය කොට තිබුණි.
මවුපියන් හා ආරාධිතයන් අතින් නිල ලාංජන පැලඳවීමෙන් අනතුරැව පහනක් අතින් ගත් නවක   නායක නායිකාවෝ   එම තනතුරේ හා පාසලේ ගෞරවය  ආරක්ෂා කරන බවට ප්‍රතිඥාවක්ද ලබා දුන්හ.
විද්‍යාලයේ නර්තන කණ්ඩායම නර්තන අංග කිහිපයක් ඉදිරිපත් කරමින් උත්සවය රසවත් කළෝය. උත්සවයේ අවස්ථා කීපයක් මෙහි දැක්වේ. 
(වියලුව වාර්තාකරැ නිශාන්ත කුමාර) 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...