බලපිටිය රේවතයට නර්තන තරග ද්විත්ව ශූරතාවක්

2025 අප්‍රේල් මස 20 ප.ව. 04:51 - {{hitsCtrl.values.hits}}  

අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කොට පැවැති දකුණු පළාත් නර්තන තරගාවලියේ දී බලපිටිය රේවත විදුහල ශූරතා ද්විත්වයක් දිනා ගැනීමට සමත් විය.
බාලිකා සමූහ නර්තන තරගාවලියේ දී රේවත විද්‍යාලයේ බාලිකාවන් ඉදිරිපත් කළ සබරගමු චාමර පාලියට එම අංශයේ ශූරතාව ද, බාලිකා ඒකල නර්තන තරගාවලියේ දී රේවත විදුහල් සඳුනි මධුෂිකාට එම අංශයේ ශූරතාවද හිමිවිය.
දකුණු පළාත් නර්තන තරගාවලියේ දී ශූරතා ත්‍රිත්වයක් දිනාගත් රේවත විදුහල් නර්තන කණ්ඩායම විදුහල්පති  ඩී. සිරිනන්ද නියෝජ්‍ය විදුහල්පතිනී අජන්තා ද සිල්වා, නර්තනාචාරිනියන් වන නදීෂා සුමුදුනී, රන්දිකා චතුරානී යන මහත්ම මහත්මීන් සමග ඡායාරෑපයකට මුහුණදුන් අයුරැයි මේ.
(කරන්දෙනිය එම්. සුසිල් ප්‍රියන්ත)

m-3

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...