2025 අප්‍රේල් මස 20 ප.ව. 06:29 - {{hitsCtrl.values.hits}}
බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සිංහල අංශයේ මෙහෙයවීමෙන් කොළඹ ශාන්ත ජෝන් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පවත්වන ලද “හයෙන් පෙරට“ භාෂා හුරුව පිළිබඳ වැඩමුළුව බස්නාහිර පළාත් අධ්‍යාපන ඇමති රංජිත් සෝමවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
ප්‍රාථමික අධ්‍යාපනයේදී අවශ්‍ය ඉගෙනුම් නිපුණතා හා ළඟාවිය යුතු භාෂා කුසලතා හා නිපුණතා මට්ටම් අසම්පූර්ණව 6 ශ්‍රේණියට ඇතුළත්වන දරුවන් සංවර්ධනය කිරීමේ අරමුණව බස්නාහිර පළාතේ සිංහල විෂය භාර අධ්‍යක්ෂ නයනා දීප්ති ගුණරත්න මහත්මියගේ ව්‍යාපෘති සංකල්පය හා සැලැසුම මත මෙම වැඩසටහන සංවිධානය කර ක්‍රියාත්මක කෙරිණ.
බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් 2016 වර්ෂයේ සිට අරඹන ලද “හය වසරකට හයෙන් ඇරඹුම” ව්‍යාපෘතිය මගින් 6 වන ශ්‍රේණියේ සිට දරුවා ක්‍රමානුකූලව සකස් කිරීමට පියවරගෙන තිබේ. ඊට සමගාමීව සිංහල අංශය මගින් ක්‍රියාත්මක කෙරෙන “හයෙන් පෙරට ” භාෂා හුරුව ග්‍රන්ථය පිළිබඳ වැඩමුළුව සඳහා 6 වන ශ්‍රේණියේ උගන්වන ගුරුවරුන්, චතුර්විධ භාෂා කුසලතා සංවර්ධනය විය යුතු 6 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු දරුවන් සහභාගි කර ගන්නා ලදී. මෙම අවස්ථාවට බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අයත් කලාප වල සිංහල විෂය අධ්‍යක්ෂවරුන්, ගුරු උපදේශකවරුන් සහ විදුහල්පතිවරුන් ද සහභාගි වූහ.
![]() |
diary Read more... |