2025 මාර්තු මස 31 ප.ව. 06:34 - {{hitsCtrl.values.hits}}
‘‘පරිගණක ඥානය අද සමාජය ලබා ගත යුතුයි. ගහන්න නොව විශ්ව දැනුම ලබා ගැනීමටයි. ඇතැමුන්ට පරිගණකයට හුරැවීම නිසා අකුරැ ලියන්න බැරි වී තිබෙනවා. යහපත් පුරවැසියෙක්වීමට නම් හොඳින් ඉගෙන ගත යුතු යැයි,* ආචාර්ය ප‍්‍රණීත් අබේසුන්දර මහතා පැවසීය.
බළපිටිය රේවත ජාතික පාසලේ සරස සුයාමය 2019 කලා උලෙළට සහභාගි වෙමින් ඒ මහතා මේ බව කීය.
13 වැනි ශ්‍රේණියේ උගෙනුම ලබන ඇම්. සඳරැ නවිෂ්ක ද සිල්වා ශිෂ්‍යයාගේ පාරමී නම් කෙටි කතා සංග‍්‍රහය, විද්‍යාලයේ සුභාවිත සඟරාව කෝකිලා මැන්දිස් මහත්මිය විසින් ද, විද්‍යාලයීය කලා සඟරාව මදුෂා ප‍්‍රහාෂිණි ශිෂ්‍යාව විසින් ද ප‍්‍රණීත් අබේසුන්දර මහතාට මෙහිදී පිළිගැන්වූහ. විදුහල්පති ඩී. සිරිනන්ද මහතා ද, ඊ. චිරාත් ලෝචන ශිෂ්‍යයාද මෙහි දී කතා කළහ.
(බළපිටියේ එස්. ඒ. වයි. ද සිල්වා)
![]() |
diary Read more... |