බොල්ලුන්න ප්‍රාථමික විදුහලේ ශිෂ්‍යත්ව හපන්නු

2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 06:19 - {{hitsCtrl.values.hits}}  

පාලින්දනුවර අධ්‍යාපන බල ප්‍රදේශයට අයත් බොල්ලුන්න ප්‍රාථමික විදුහලෙන් මෙවර පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් සිසු සිසුවියෝ දෙදෙනෙක් සමත්ව සිටිති. මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසු සිසුවියන් හත් දෙනෙකු පමණක් ඉදිරිපත් වී ඇති අතර ඉන් අරවින්දී විහංගිකා ලකුණු 179 ක් හා දෙනෙතී චමෝද්‍යා ලකුණු 169 ක් ලබා ගනිමින් සමත් වූ බව එහි විදුහල්පති උපුල් සංජීව මහතා පැවසීය.
අරවින්දී විහංගිකා (දකුණේ) සහ දෙනෙතී චමෝද්‍යා (වමේ) යන සිසුවියෝ විදුහල්පතිතුමා සහ ආචාර්ය මණ්ඩලය සමග ඡායාරෑපයේ වෙති.


(පාලින්දනුවර - පී.ඩී.ලලිත්)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...