බෝවල කනිෂ්ඨයේ පරිසර නියමු කඳවුර

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 05:11 - {{hitsCtrl.values.hits}}  

බෝවල කනිෂ්ඨ විද්‍යාලයේ ජනාධිපති පරිසර නියමු පදක්කම් අපේක්ෂිත සිසු සිසුවියන් විසින් සංවිධානය කරන ලද පරිසර නියමු කඳවුර විද්‍යාලයේ දී පසුගියදා පැවැත්වුණි.
ජනාධිපති පරිසර නියමු පදක්කම් අපේක්ෂිත ඩබ්.ධනුෂ්ක, එච්.ඩබ්.බී. ඩිල්ෂාන්, ඒ.ඒ.ශෂිකලා, කේ.ඒ. ප්‍රබෝධා, ඩබ්.ඒ. බුද්ධිකා යන සිසු සිසුවියන් විසින් මෙම කඳවුර සංවිධානය කොට තිබුණි.
මේ සඳහා වලස්මුල්ල කලාප අධ්‍යාපන කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, අඩවි වන කාර්යාලය, තෝර කොළයාය මාස් ඇක්ටිව් ඇඟලුම් ආයතන අනුග්‍රහය දක්වා තිබේ. වලස්මුල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චන්න උපාලි වීරසේකර, විදුහල්පති පී.ප්‍රතාප්සිංහ, පරිසර නිලධාරි මහින්ද උයන්ගොඩ, පරිසර නියමු කාර්යභාර නිලධාරිනී වයි.ජී.ඒ.නිශාන්ති යන මහත්ම මහත්මීහු ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගි වූහ.
(කිරම - ඩබ්.ඒ.නෙල්කා)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...