2025 අප්‍රේල් මස 11 ප.ව. 06:15 - {{hitsCtrl.values.hits}}
මඩිතියවල ප්‍රාථමික විදුහලේ විදුහල්පතිවරයා ලෙස සේවය කළ ඩබ්ලියු.පී. ෙප්‍ර්මලාල් විජේලත් මහතාට උපහාර පිදීමේ උත්සවයක් එම විද්‍යාලයේදී පැවැත්වුණි.
සිසුන් තිස් පස් දෙනෙකුට සීමාවී 2002 වසරේදී වැසී යාමට ආසන්න පාසලක්ව තිබියදී ඒ පාසලේ විදුහල්පතිධූරයට පත් ප්‍රේමලාල් මහතා ගුරැ මණ්ඩලයේ ද සහය ඇතිව වසර දහසයක් තුළ එම විද්‍යාලය අධ්‍යාපනයෙන් මෙන්ම භෞතික වශයෙන්ද දියුණුව කරා ගෙනයාමට සමත්විය. මේ වන විට මෙම විද්‍යාලයේ සිසු සිසුවියෝ හාරසියයක් පමණ උගනිති. විදුහල්පති නිල කාමරය සැකසීම හැර විද්‍යාලයේ භෞතික පරිසරය සමග විදුහලකට අවශ්‍ය සියලු අංගෝපාංග ලබා ගැනීමට විජේලත් මහතා පියවර ගත් නිසා මෙහි සිසුන්ට සෑම ආකාරයකම අධ්‍යාපන අවශ්‍යතා ලබා ගැනීමේ අවස්ථාව උදාවී ඇත.
මේ අවස්ථාවට මිනුවන්ගොඩ කලාප කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු,විද්‍යාලයේ සිසු සිසුවියෝ ,ආචාර්ය මණ්ඩලය , මවුපියෝ ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
![]() |
diary Read more... |