මහින්ද රාජපක්ෂයේ බාලදක්ෂ, හඳුන්වාදීමට වැඩමුළුවක්

2025 ජනවාරි මස 23 ප.ව. 11:13 - {{hitsCtrl.values.hits}}  

බාලදක්ෂයකු වීමේ වටිනාකම සහ බාලදක්ෂ ව්‍යාපාරයේ විෂය කරැණු විදුහලේ අනෙකුත් දරැවන් හට හඳුන්වා දීමේ වැඩසටහනක් දියගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී පැවැත්වුණි. විද්‍යාලයේ 7,8,9 ශ්‍රේණිවල ඉගෙනුම ලබන දරැ දැරියන් 1500 ක් වෙනුවෙන් සංවිධාන කළ මෙම වැඩසටහන පාසලේ විෂය අත්පොතෙහි දක්වා ඇත. බාලදක්ෂ ක්‍රියාකාරකම්, ප්‍රථමාධාර, බාලදක්ෂ ගැට හා බැමි, ගිනිමැල ජවනිකා ඉදිරිපත් කිරීම් අනුසාරයෙන් නිර්මාණය කොට තිබුණි.
සියලුම සිසුන් වෙත බාලදක්ෂ ක්‍රියාකාරකම් හඳුන්වාදීමේ මෙම වැඩසටහන වසරක් පාසා විදුහලේ පැවැත්වෙන බව විදුහල්පති එම්.ආර්.ඩී.කේ.ගුණරත්න මහතා සඳහන් කළේය. එක්දින වැඩමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බස්නාහිර පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (ප්‍රාථමික) දුෂ්මන්ත රාජපක්ෂ මහතා සහභාගි වූ අතර රත්නපුරය, මොරටුව, කළුතර ආදී බාලදක්ෂ දිසා සංගම් වල බාලදක්ෂ ආචාර්යවරැ විසිපස් දෙනෙක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. මෙම වැඩමුළුව රැවන් බාලචන්ද්‍ර සහ රංජිත් අශෝක යන මහත්වරැන්ගේ උපදේශකත්වයෙන් සංවිධාන විය.


(චමින්ද වාරියප්පෙරැම)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...