මාන්ගෙදර වැසියෝ ගැමි ගෙදර අපේ අතීත සිරිය විඳගනිති

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 11:22 - {{hitsCtrl.values.hits}}  

 දිනෙන් දින සමාජයෙන් ඈත් වී ගෙන යන දැයේ සංස්කෘතික අංග සහ අතීත උරැමයන් වත්මන් දරැවන්ට හා වැඩිහිටියන්ට දැක බලා ගැනීමේ අවස්ථාවක් පසුගියදා මාන්ගෙදර වික්‍රමාරාමය අභියසදී සැලසුණි.
පුණ්‍යගාම වැඩ සටහනට සමගාමීව සිදු කෙරැණු මෙම වැඩසටහනේදී  කාගේත් සිත්ගත් ගැමි ගෙදර අපේ අතීත   සිරිය ගෙන දෙන්නට සමත්විය.  මාන්ගෙදර වික්‍රමාරාමාධිපති ගම්පහ දිස්ත්‍රීක් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ උප ලේකම් මාලිගාතැන්නේ ධම්මාරාම හිමි, ගම්පහ සහකාර දිස්ත්‍රීක් ලේකම් ප්‍රසාද් ඉන්දික, පල්ලෙවෙල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කමල් රත්නායක යන මහත්වරැ ඇතුළු පිරිසක් මේ වැඩ සටහනට මූලික දාකත්වය දැක්වූහ.  
නර්තන ඉසව්වලින් උලෙළ ඔපවත්වුණු අතර නැරඹීමට පැමිණි සැමට ලුණු මිරිසක් සමග පොල් රොටිවලින් සංග්‍රහ කෙරිණි.
(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...