මාවතගම රෝමානු කතෝලිකයේ ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන

2025 මැයි මස 06 පෙ.ව. 11:53 - 346  

කු/මාවතගම රෝමානු කතෝලික විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංජන පැලඳවීමේ උත්සවය කුරැණැගල අධ්‍යාපන කලාපයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ඊ.එම්.පී. එන්.බී. ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයේදී සිදුකෙරැණි. 
මෙහිදී ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 76  දෙනෙක්ට එම නිල ලාංජන පැලඳවූහ. එම ශිෂ්‍ය නායක නායිකාවෝද කු/ මාවතගම රෝමානු කතෝලික විද්‍යාලයේ විදුහල්පති බී.ඩී.පී.  පීරිස්, නියෝජ්‍ය විදුහල්පතිවරැ වන එස්.කේ. වංශතිලක, ඩී.ඩී. ඇහැලේපොල යන මහත්ම මහත්මීහු හා නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක එන්.බී. ඒකනායක මහතා එම විද්‍යාලයේ එච්.එම්. ලෙහාරා චිරසි හේරත් ශිෂ්‍යාවට ශිෂ්‍යනායක නිල ලාංජන පලඳවන අයුරැ ඡායාරෑපයෙන් දැක්වේ. 
(මාවතගම කාංචනමාලා බණ්ඩාර)


 

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...