මැදගම ද්විතීක පාසලේ තාක්ෂණ පීඨය සිසු අයිතියට 

2025 අප්‍රේල් මස 20 ප.ව. 04:40 - {{hitsCtrl.values.hits}}  

මැදගම ද්විතීක පාසලේ නව තාක්ෂණ පීඨය  ඊයේ (10දා) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිසු අයිතියට පැවරිණි. 

නව තාක්ෂණ පීඨය සිසු අයිතියට පැවරූ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත වූ අතර පාසල සඳහා පංති කාමර 08 ක නව ගොඩනැගිල්ලක් ඉදිකරදෙන බවට ද දරුවන්ට පොරොන්දු විය. 

සිසු දරුවන්ගේ නිර්මාණ රැසක් ද ජනාධිපතිවරයාට ඉදිරිපත් කෙරුණු අතර විද්‍යාලයේ 13 වසරේ ධනුෂ්ක අඹන්ගල්ල සිසුවා විසින් නිර්මාණය කරන ලද අත්ට්‍රැක්ටරයක් ද ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් විය.

විදුහල්පති ආර්.එම්. ශාන්ත මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ දෙමාපියන්  මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

නිරෝෂා ප්‍රියදර්ශනී

unnamed unnamed (1) unnamed (2) unnamed (3)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...