2024 දෙසැම්බර් මස 22 පෙ.ව. 10:37 - {{hitsCtrl.values.hits}}
දරැවන් යහපත් දරැවන් බවට පත් කිරීමට ඔවුන් තුළ චර්යාත්මක වෙනස්කම් සිදුකළ යුතු බවත් ඒ සඳහා පළමුවෙන්ම ඔවුන් විදුහලේ නිල ඇඳුමට හා එහි නීති රීති පද්ධතියට ගරැ කරන පිරිසක් බවට පත්කළ යුතු බවත් වියළුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ධම්මික හේරත් මහතා පැවසීය.
අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ පසුගියදා පැවැති මීගහකිවුල ජාතික පාසලේ නවක ශිෂ්‍යනායක නායිකාවන්ට නිල ලාංඡන පැලඳවීමේ උත්සවයට එක්වෙමිනි.
මීගහකිවුල ජාතික පාසලේ නවක ශිෂ්‍යනායක නායිකාවන් සිය තනතුරැවල දිවුරැම්දීම හා නිල ලාංජන පැලඳවීම පසුගියදා වියළුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ධම්මික හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.
විදුහල්පති එච්. එම්. සෙනරත් බණ්ඩාර මහතාගේ උපදෙස් මත ශිෂ්‍යනායක මණ්ඩලය භාර ඒ. ජී. එන්. පී. කුමාර මහතා සහ ඒ.ජී.ඒ.ආර් ඒකනායක මහතාත් ගුරැ මණ්ඩලයත් උත්සවය සංවිධානය කළහ.
දැල්වූ පහනක් අතින් ගත් ශිෂ්‍යනායක නායිකාවෝ අසූ දෙනෙක් ශිෂ්‍යනායක ප්‍රතිඥාව ලබාදෙමින් තම තනතුරැවල දිවුරැම් දුන්හ.
අනතුරැව ආරාධිත අමුත්තෝ, විදුහල්පති ඇතුළු ගුරැ මණ්ඩලය මවුපියෝ නවක ශිෂ්‍යනායක නායිකාවන්ට නිල ලාංඡන පලඳවා ඒ වෙනුවෙන් සහතික පත්‍රයක් ද පිරිනැමූහ.
එහිදී ආර්. එම් අයි. එන්. එස්. විජේකෝන් සිසුවා සහ ආර්. එම්. එන්. හංසමාලී ශිෂ්‍යාව විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා සහ නායිකාව ලෙස පත්වූහ.
මීගහකිවුල ජාතික පාසලේ අභිනව ශිෂ්‍යනායක මණ්ඩලය සහ එම උත්සවයේ අවස්ථා කීපයක් මෙහි දැක්වේ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |