2025 අප්‍රේල් මස 20 ප.ව. 03:43 - {{hitsCtrl.values.hits}}
සමස්ත ලංකා අන්තර් පාසල් සංගීත තරගාවලියට සමගාමීව ඌව පළාතේ පාසල් අතර පවත්වන ලද ප්‍රාථමික අංශයේ සමූහ ( ස්වතන්ත්‍ර ගී ) ගායනා තරගාවලියේ දී වියලුව කලාපයේ ශුරතාවත් ඌව පළාත් තරගයේ අනුශුරතාවත් හිමිකර ගැනීමට මීගහකිවුල අධ්‍යාපන කොට්ඨාසයට අයත් බ/ මීගහකිවුල ප්‍රාථමික විද්‍යාලයීය කණ්ඩායම සමත්විය.
බ/ මීගහකිවුල ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති ඩී.එම්. දිසනායක මහතාගේ උපදෙස් හා මග පෙන්වීම මත විද්‍යාලයේ සංගීත ආචාර්ය, විශාරද ජී බී . ජී. ටී. ප්‍රියශාන්ත මහතා ජයග්‍රාහී කණ්ඩායම පුහුණු කළේය.
ඌව පළාත් තරගාවලියේ අනු ශුරතාව හිමිකර ගත් බ/ මීගහකිවුල ප්‍රාථමික විද්‍යාලයීය ගායනා කණ්ඩායම විදුහල්පති ඩි.එම් දිසනායක මහතා (මැද) සහ විද්‍යාලයේ සංගීත ආචාර්ය, ජී බී . ජී ටී. ප්‍රියශාන්ත , (දකුණු පස ) නියෝජ්‍ය විදුහල්පති ජේ. එච්. කැළුම් (වම් පස) යන මහත්වරැ මෙහි වෙති.
(වියලුව නිශාන්ත කුමාර)
![]() |
diary Read more... |