යසෝධරා බාලිකාවේ දක්ෂතම ලේඛිකා සම්මානය මෙවරත් අමීරාට

2024 දෙසැම්බර් මස 22 පෙ.ව. 10:34 - {{hitsCtrl.values.hits}}  

කොළඹ යසෝදරා බාලිකා විද්‍යාලයේ 9 වසරේ ඉගෙනුම ලබන අමීර හමීඩ් සිසුවිය විද්‍යාලයේ දක්ෂතම කණිෂ්ඨ අංයේ ලේඛිකාව ලෙස දෙවැනි වරටත් පාසලින් සම්මාන ලැබීය. ඉංග්‍රීසී කථන, ගද්‍ය රචනා, පද්‍ය රචනා, කථික අංශවලින් දක්ෂතා දක්වා ජයග්‍රහණය ලබා සිටින අමීරා කොටිකාවත්ත ශ්‍රී මේධනංකර ධර්ම විද්‍යාලයේ ද ගද්‍ය රචනා, පද්‍ය රචනා, කථික අංශවලින් දක්ෂතා දක්වා ජයග්‍රහණ ලබා සිටී.

පාසලින් බාහිරව විවිධ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවලින් පවත්වනු ලබන සාහිත්‍ය තරගවලින්ද ජයග්‍රහන රැසකට උරුමකම් කියන්නට අමීර සිසුවියට හැකිව තිබේ. බස්නාහිර පළාත් පාලන අමාත්‍යාංශය සංවිධානය කළ පුස්තකාල පාඨක සමාජ රචනා තරගයෙන්ද එස්.ඩබ්ලිව්.ආර්.ඩි. බණ්ඩාරනායක ගුණසමරු රචනා තරගයෙන්ද මෙවර ඇය ජය ලබා ඇත.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...