රත්මලාන ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසලේ ත්‍යාග ප්‍රදානෝත්සවය දා

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 10:07 - {{hitsCtrl.values.hits}}  

රත්මලාන පරමධම්ම චේතිය පිරිවෙන ආරම්භ කළ වලානේ ශ්‍රී සිද්ධාර්ථ නා හිමියන්ගේ 150 වැනි ගුණානුස්මරණය හා පිරිවෙන් විහාරස්ථාන ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසලේ ත්‍යාග ප්‍රදානෝත්සවය පිරිවෙන් විහාරාධිපති ආචාර්ය මාඉටිපේ විමලසාර හිමි අනුශාසනා පරිදි ශ්‍රී කල්‍යාණි සාම ශ්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ශාස්ත්‍රවේදී පණ්ඩිත පිඹුරේ උදිත නාහිමි ප්‍රධානත්වයෙන් පසුගියදා විහාරස්ථාන දහම් ශාලාවේ දී පැවැත්වුණි.
මෙම අවස්ථාවට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, බස්නාහිර පළාත් ලේකම් ප්‍රදීප් ප්‍රියංකර යසරතන, හිටපු නියෝජ්‍ය නගරාධිපති කේසරලාල් ගුණසේකර, හිටපු නාගරික මන්ත්‍රී අසංග පද්මලාල් පෙරේරා ප්‍රියන්ත සහබන්දු, ක්‍රිස්බල්තසාර් යන මහතුන් ඇතුළු ආචාර්ය මණ්ඩලය , මාපියන් , සිසු සිසුවියෝ සහභාගි වී සිටියහ.
(දෙහිවල - එච්. එම්. ධර්මපාල)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...