රඹුක්කන සුජාතා විදුහලේ චතුනිට සමස්ත ලංකා චිත්‍ර ජයක්

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 08:49 - {{hitsCtrl.values.hits}}  

රඹුක්කන සුජාතා විදුහලේ 7 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන එච්. එම්. චතුනි නෙත්මින්දි හේරත් ශිෂ්‍යාව විදුලිය සුරුකීම හා විදුලි සංරක්ෂණය පිළිබඳ 2017 පාසල් චිත්‍ර තරගයෙන් සමස්ත ලංකා 02 වැනි ස්ථානය හිමිකර ගැනීමට සමත්ව ඇත.
ලංකා විදුලිබල මණ්ඩලය මගින් පවත්වන ලද විදුලිය අරපිරිමැස්ම හා ආරක්ෂාව පිළිබඳ 2017 පාසල් චිත්‍ර තරගය පසුගියදා පවත්වනු ලැබුවේ කොළඹ අපේ ගම පරිශ්‍රයේ දීය. ඉන් ජයග්‍රහණය කළ දූ දරැවන්ට සහතික පත්‍ර කුසලාන හා මුදල් ත්‍යාග ප්‍රදානය කරන ලද්දේ කොළඹ බණ්ඩාරනායක  අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දීය. 
සුජාතා විදුහලේ විදුහල්පති ආර්. ඒ. යූ. එල්. රණවීර මහතාගේ හා චිත්‍ර විෂයය උගන්වනු ලබන නන්දනී හෙට්ටිගේ, ජී. ඩබ්ලිව්. ජී. කරැණාවතී යන ගුරැ භවතුන්ගේ මග පෙන්වීම මේ අයට ලැබිණි.
(කෑගල්ල කපිල නන්දලාල්)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...