රාජකදලූව කනිෂ්ටයේ විවිධ ප‍්‍රසංගය සහ ත්‍යාග ප්‍රදානය

2024 දෙසැම්බර් මස 22 පෙ.ව. 12:06 - {{hitsCtrl.values.hits}}  

ආරච්චිකට්ටුව රාජකදලූව කනිටු විදුහලේ වර්ෂ අවසාන විවිධ ප‍්‍රසංගය සහ ත්‍යාග සහතික ප‍්‍රදානය කිරීම එම විදුහල් එලිමහන් වේදිකාවේදී පසුගියදින සිදුවිය. විදුහල්පති එරන්ති අපෝන්සු පැවිදි කන්‍යා සොහොයුරිය ඇතුළු ගුරැ මණ්ඩලයේ උපදෙස් මත හා මගපෙන්වීම මත ශිෂ්‍ය ශිෂ්‍යාවෝ මෙම උත්සවය සංවිධානය කළහ. අතර දරුදැරියන් විසින් විවිධ කුසලතාවයන් මෙහිදී

ප‍්‍රදර්ශණය කරනු ලැබීය. පන්ති මට්ටමින් ප‍්‍රථම දෙවැනි හා තෙවැනි ස්ථානලබාගත් සිසුන්ට සහ විෂය සමගාමී දක්ෂතා ක‍්‍රීඩා ජයග‍්‍රහණ දැක්වූ සිසුන්ටත් ත්‍යාග සහතිකපත් ලබාදීමෙන් ඇගයීමකට ලක්කළ අතර ඒ සඳහා පිටුවහලක් වූ ගුරැවරැද ඇගයීමට ලක්කළහ. මෙම අවස්ථාව සඳහා රාජකදලූව මීසම භාර ඩෙනිස් ගයාන් පූජා ප‍්‍රසාදීන් වහන්සේ ඇතුළු පැවිදි කන්‍යා සොහොයුරිය  ආරච්චිකට්ටුව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ සුභාෂිනී පෙරේරා මහත්මිය ඇතුළු අධ්‍යාපන නිලධාරිහු සහභාගී වූහ.

(ආරච්චිකට්ටුව ලලිත් ඒ. කේ. නවරත්න)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...