රුටියල ශ්‍රී ජිනරතන ප්‍රාථමික විදුහලේ සිසු නායක නායිකාවන්ට පදක්කම්

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 08:33 - {{hitsCtrl.values.hits}}  

බුලත්සිංහල අධ්‍යාපන කොට්ඨාසයේ ගෝවින්න රුටියල ශ්‍රී ජිනරතන ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍යනායක නිල ලාංඡන පැලඳවීමේ උත්සවය විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී පසුගියදා පැවැත්වුණි.
බුලත්සිංහල අධ්‍යාපන කොට්ඨාසයේ ගෘහ ආර්ථික විද්‍යා ගුරැ උපදේශිකා ආර්. ජී. අයිරාංගනී මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේ දී ප්‍රධාන ශිෂ්‍යනායක ලෙස ඩබ්ලිව්. ඒ. වරැණ සත්සර සහ ප්‍රධාන ශිෂ්‍යනායිකාව ලෙස පී. එල්. සඳනි පමෝදා පත්කෙරැණු අතර ඩබ්ලිව්. කසුන් තාරක සහ පී. ක්‍රිෂාණි ශවින්ද්‍යා උප ප්‍රධාන ශිෂ්‍ය නායක නායිකාවන් ලෙස පත්කෙරිණි.
එස්. එම්. ශෂේන් දිනේන්ද්‍ර, ජී. සමිත් භාග්‍ය, පී. චලන රශ්මික, පී. ඒ. වර්ෂා චමෝද්‍යා, ජී. වී. තිස්මි සුහන්සා, පී. බී. සත්මා ලක්දිනි, කේ. මිනුරි ශෂින්යා, ඩබ්ලිව්. පී. විහාරා හරින්ද යන සෙසු ශිෂ්‍යනායක නායිකාවෝ ගුරැ උපදේශිකා ආර්. ජී. අයිරාංගනී මහත්මිය සහ විදුහල්පති ජී. එම්. ජයසිරි මහතා සමග ඡායාරෑපයේ සිටිති.
(සුමති කුඩලිගම)

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...