2025 අප්‍රේල් මස 20 පෙ.ව. 01:52 - {{hitsCtrl.values.hits}}
ලංකාදීප පොසොන් ආලෝක පූජාවට සමගාමීව මහවිලච්චිය ශාසනාරක්ෂක බල මණ්ඩලය සහ මහවිලච්චිය ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ බොදු බැති ගී සරණිය ඉකුත් 29 වැනිදා රාත්‍රියේ දී තන්තිරිමලේ රජ මහ විහාරස්ථාන පුද භූමියේ දී පැවැත්වුණි.
විජය පුවත්පත් සමාගම පහළොස්වැනි වරටත් සංවිධානය කළ තන්තිරිමලේ ලංකාදීප පොසොන් ආලෝක පූජාවේ දෙවැනි දිනය වූ එදින තන්තිරිමලේ පුදබිමේ පැවැති බොදු බැති ගී සරණියට දහම් පාසල් 14 ක සිසුහු සහභාගි වූහ.
බොදු බැති ගී සරණියට සහභාගි වූ දහම් පාසල් සිසු සිසුවියන්ට ලංකාදීප සහ විජය පුවත්පත් සමාගමේ අනුග්‍රාහකත්වයෙන් සහතික පත් ද පිරිනැමුණි.
මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් ඊ.එම්.ආර්.තිලකරත්න, විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂ ලාල් ජයවර්ධන, සහකාර සාමාන්‍යාධිකාරී (වෙළඳ හා සන්නාම) සුජිත් පතිරන්නැහැ, සහකාර සාමාන්‍යාධිකාරී (ගබඩා) නිමල් වික්‍රමසිංහ සහ සහකාර සාමාන්‍යාධිකාරී (විදුලි) නලින් නිවුන්හැල්ල යන මහත්වරැ සිසු සිසුවියන්ට සහතික පිරිනැමූහ.
![]() |
diary Read more... |