ලබුදූව සිරිධම්ම විදුහලේ පුංචි සිත්තරා

2025 ජනවාරි මස 23 පෙ.ව. 09:25 - {{hitsCtrl.values.hits}}  

ගාල්ල ලබුදූව සිරිධම්ම විදුහලේ තුන්වැනි ශ්‍රේණියේ කලිඳු දිනෙත් අමයුරැ සිසුවා චිත්‍ර තරග ගණනාවකින්ම ජයග්‍රහණය කර ඇත. ජාත්‍යන්තර මට්ටමේ චිත්‍ර තරගවලින් ද ජයග්‍රහණය කර ඇති මෙම සිසුවා සිද්ධාලේප කැකුළු පෙරපාසල් චිත්‍ර තරගය, ජාතික රෑපවාහිනියේ “පරිස්සමින් ගිහින් එන්න*, සෙලින්කෝ රන්දරැ, දක්ෂිණ ජීවනි, හොම්රන් සමස්ත ලංකා චිත්‍ර තරගය, සතර සිතුවම්, දකුණු පළාත් ආයුර්වේද “ආයුරෑ*, වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව “වන රෝපා*, ලංකා බැංකුව  පුංචි පිකාසෝ, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හපන් චිත්‍ර තරගය, විෂන් කෙයාර් ආයතනය මගින් පවත්වනු ලැබූ “කිඩ්ස් කලර්* ආදි  සමස්ත ලංකා මට්ටමේ තරග රුසක්ද ජයග්‍රහණය කර ඇත.  ටොයොටා ලංකා සමාගම මගින් සංවිධානය කළ “සිහින කාරය* 2018 සමස්ත ලංකා චිත්‍ර තරගයෙන් ශ්‍රී ලංකාවෙන් ජයග්‍රහණය ලැබූ එකම සිසුවාය. මොහු ජපන් සංචාරයකට ද වරම් ලබා ඇත. 
(සඳුනි ඉමල්කා)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...