වලල්ලාවිට මහ විදුහලේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව රුස්වෙයි

2025 අප්‍රේල් මස 20 ප.ව. 04:35 - {{hitsCtrl.values.hits}}  

මතුගම අධ්‍යාපන කලාපයේ වලල්ලාවිට මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව එම විදුහලේ දී පසුගියදා රුස්විය.
පාර්ලිමේන්තුවේ ආකෘතිය පිළිබඳ පාර්ලිමේන්තුවේ කාර්යභාරය, පාර්ලිමේන්තුවේ සංයුතිය ඇතුළු අධ්‍යාපනික කරැණු රාශියක් කෙරෙහි පාසලේ සිසුන් දැනුම්වත් කිරීමේ අරමුණින් විදුහල්පති සුනිල් එදිරිසිංහ මහතාගේ මඟ පෙන්වීම යටතේ ආචාර්ය මණ්ඩලය මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
මෙහිදී විදුහල්පතිවරයා කථානායකවරයා වශයෙන් ද, සිසු සිසුවියෝ මන්ත්‍රීවරැන් සහ ඇමතිවරැන් වශයෙන් කටයුතු කළහ.
එම අවස්ථාවට විදුහල්පති සුනිල් එදිරිසිංහ මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය ද සිසු දරැ දැරියෝ ද සහභාගී වූහ.
(පාදුක්ක විශේෂ - නිහාල් වෙත්තසිංහ)

 r-6-1 r-6-2 r-6-3 r-6-4 r-6-5

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...