වලල්ලාවිට ළමා සහ වැඩිහිටි දින සැමරුම

2025 අප්‍රේල් මස 20 ප.ව. 09:40 - {{hitsCtrl.values.hits}}  

ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය සමරමින් වලල්ලාවිට මාකලන්දාව ජන උපේක්ෂා ප්‍රජා සත්කාර සංවිධානයේ යථා රූ කලා සංගමය මගින්  දරුවන් සහ වැඩිහිටියන් වෙනුවෙන් ප්‍රසාංගික අංග රැසකින් යුතු උත්සවයක් සංවිධානය කළේය

කෙවිටියාගල ජිනසිරි හිමියන්ගේ අනුශාසකත්වයෙන් වලල්ලාවිට ප්‍රාදේශීය මහ ලේකම්  ඩී ආර් ජයසිංහ  මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ මෙහිදී  අවට පාසල් රැසක දරුදැරියන් සහ වැඩිහිටි සමිති රැසක වැඩිහිටි මව් පියන් ද මේ සඳහා විවිධාංග එක් කළේය.

ජන උපේක්ෂා ප්‍රජා සත්කාර සංවිධානයේ  සහ යථා රූ කලා සංගමයේ සභාපති වික්‍රම රන්දුනු මහතාගේ උපදෙස් අධීක්ෂණය අනුව උළෙල සංවිධානය කර තිබුණි.

DSC08782 DSC08794 DSC08801 DSC08845 DSC08859 DSC08860 DSC08868 DSC08871

(විශ්ව ගැමුණු ප්‍රියංකර)

 

 

 

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...