වලහන්දූව ජනාධිපති විදුහලේ දී බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ සමරති

2025 අප්‍රේල් මස 20 ප.ව. 02:15 - {{hitsCtrl.values.hits}}  

ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ එංගලන්ත ජාතික රොබට් බේඩ්න් පොයෙල් සාමිවරයාගේ සහ එම ආර්යාවගේ සිහිකිරීමේ දින උලෙළ ගාල්ල, වලහන්දූව ජනාධිපති බාලිකා විද්‍යාලයේ දී පසුගිය දා පැවැත්විණි.

විදුහල්පතිනි කේ. ඒ. නිර්මාණි මහත්මියගේ මඟ පෙන්වීම මත සමන්ති අබේගුණවර්ධන, මයුරී දර්ශලා සහ සරෝජා ප්‍රනාන්දු යන බාලදක්ෂ නායිකාවන් මෙම උත්සවය සංවිධානය කර තිබුණි. පොරොන්දුව අලුත් කිරීම, සිහිකිරීමේ දින නිල ලාංඡන පැලඳවීම, සැමරැම් කේක් ගෙඩිය කැපීම, විවිධ ජාතීන්ගේ දිනය, ගායන සහ විවිධ නර්තන අංග එහිදී ඉදිරිපත් කෙරිණි.

( රත්ගම ගාමිණී මහදුර )

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...