වලහන්දූව ජනාධිපති බාලිකාවේ ජ්‍යෙෂ්ඨ බාල දක්ෂිකාවන්ට පදක්කම්

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 01:52 - {{hitsCtrl.values.hits}}  

ගාල්ල, වලහන්දූව ජනාධිපති බාලිකා විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ බාලදක්ෂිකාවනට පදක්කම් පැලඳවීමේ උත්සවය එම විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පසුගියදා පැවැත්වුණි.
විදුහල්පතිනි ඩබ්.ඒ.පී.රේණුකා, නියෝජ්‍ය විදුහල්පතිනි සහ ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ නායිකා චමිලා මෙන්ඩිස් යන මහත්මීන්ගේ මග පෙන්වීම මත විද්‍යාලයේ බාලදක්ෂ නායිකාවන් වන ප්‍රදීපා ප්‍රියදර්ශනී හේවගේ, දිමුතු දර්ශනී යන මහත්මීන් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
ප්‍රාදේශීය බාලදක්ෂිකා කොමසාරිස් නිමාලි ජයවික්‍රම, හිටපු ප්‍රාදේශීය බාලදක්ෂිකා කොමසාරිස් සරෝජා ප්‍රනාන්දු, කුඩා මිතුරි ප්‍රාදේශීය කොමසාරිස් දීප්ති කොඩිතුවක්කු යන මහත්මීන් අතින් ජ්‍යෙෂ්ඨ බාලදක්ෂිකාවනට පදක්කම් පැලඳවීම සිදුවිය.
(රත්ගම ගාමිණී මහදුර)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...