වාද්දුව මධ්‍ය විද්‍යාලයෙන් පා ගමනක්

2025 අප්‍රේල් මස 07 පෙ.ව. 08:58 - 98  

වාද්දුව මධ්‍ය විද්‍යාලය ආරම්භ කොට වසර 73 ක් සපිරීම නිමිත්තෙන් හා සී.ඩබ්.ඩබ්.කන්නන්ගර ගුණ සමරැවට සමගාමීව වාද්දුව මධ්‍ය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය ඉකුත් දා පා ගමනක් සංවිධානය කර තිබුණි.
&ගුරැ - දෙගුරැ සිසු - ආදි සිසු එකම මගක* යන තේමාව යටතේ වාද්දුව නගරයේ වීථි සංචාරය කළ අතර වාද්දුව මධ්‍ය විද්‍යාලයේ ප්‍රගතිය, සංවර්ධනය, වර්තමාන සිසු සිසුවියන් තුළ පවත්නා විවිධ දක්ෂතා හා හැකියාවන් වෙනුවෙන් විද්‍යාලයට ලැබී ඇති සම්මාන හා ගෞරව නාමද ප්‍රදර්ශනය කිරීම මෙම පා ගමනේ එක් අරමුණක් විය. ඡායාරෑපයෙන් දැක්වෙනුයේ එම පා ගමනෙහිදී වාද්දුව මධ්‍ය විද්‍යාලයීය ශිෂ්‍යනායක සංසදය දැක්වෙන විශාල බැනරය රුගත් ප්‍රධාන ශිෂ්‍ය නායක නායිකාවන් පෙළපාළියෙහි ගමන් කළ ආකාරයයි.


(වාද්දුව වාර්තාකරැ)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...