වැල්ලවත්ත ශාන්ත ක්ලෙයා බාලිකාවට නව ශිෂ්‍යනායිකාවෝ පත්වෙති

2025 ජනවාරි මස 23 ප.ව. 06:48 - {{hitsCtrl.values.hits}}  

වැල්ලවත්ත ශාන්ත ක්ලේයා බාලිකා විද්‍යාලයේ වාර්ෂික ශිෂ්‍යනායිකා නිල ලාංඡන පැලඳවීමේ උත්සවය විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පසුගියදා පැවැත්වුණි.
මෙම අවස්ථාවට කොළඹ කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (අධ්‍යාපන සංවර්ධන අංශයේ) මාලනී බණ්ඩාරනායක, කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්.බී.කරැණාරත්න, විදුහල්පතිනී එම්.ඩී. ධම්මිකා විජිතානි, දකුණු කොළඹ විද්‍යාලවල විදුහල්පතිවරැන් ඇතුළු මහත්ම මහත්මීහු රුසක් සහභාගී වූහ.
මෙවර ශිෂ්‍ය නායිකාවෝ 41 දෙනෙක් නිල ලාංඡන පැලඳියහ. ප්‍රධාන ශිෂ්‍යනායිකාව ලෙස එස්.කේ.විනෝදනී, උපප්‍රධාන ශිෂ්‍යනායිකාව ලෙස දීප්තිකා ක්‍රිෂ්ණමූර්තී, ක්‍රීඩා නායිකාව ලෙස යුෂ්රා සෙම් සෙම් යන ශිෂ්‍යාවෝ තේරී පත්වූහ.


(රැෂිරැ තරංග)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...