වැලිපතයාය මධ්‍ය මහා විද්‍යාලයීය නර්තන කණ්ඩායමට කලාප ජයක්

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 01:54 - {{hitsCtrl.values.hits}}  

සමස්ත ලංකා නැටුම් හා මුද්‍රා නාට්‍ය තරගාවලියේ දාහට අඩු පාසල් කාණ්ඩයේ 10-13 ශ්‍රේණි සමූහ කාන්තා තරගයේ ”අසදෘස වන්නම” ඉදිරිපත් කළ  බළන්ගොඩ වැලිපතයාය මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම  බළන්ගොඩ කලාපයේ ප්‍රථම ස්ථානය දිනා සබරගමු පළාත් තරගාවලියට සුදුසුකම් ලැබීමට සමත් වූහ.
අදාළ තරග බළන්ගොඩ විද්‍යාලෝක මහා විද්‍යාලයේ දි පසුගිය 11 වැනි දින පැවැති අතර  එහි  කාන්තා ඒකල තරගයේ පොල් පදය ඉදිරිපත් කළ එම විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන එන්.එච්. දුලක්‍ෂි මධුශානි ශිෂ්‍යාව ප්‍රථම ස්ථානය දිනා  සබරගමු පළාත් තරගාවලියට සුදුසුකම් ලබා ඇත.විදුහල්පතිනි මල්කාන්ති බොතේජු මහත්මියගේ උපදෙස් පරිදි විද්‍යාලයේ නැටුම් විෂයභාර ආචාරිනි පි.එල්.එස්.කේ.කුරේ මහත්මියගේ පුහුණු කිරිම් මත මෙම ජයග්‍රහණ ලබා ඇත.
(කල්තොට-බුදුගල සෝමරතන හිමි)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...