විකාදෙනිගම විද්‍යාලයේ අරෝෂට සමස්ත ලංකා ජයක්

2025 ජනවාරි මස 23 ප.ව. 06:53 - {{hitsCtrl.values.hits}}  

අධ්‍යාපන අමාත්‍යංශය මගින් පවත්වන ලද සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලියේ පද්‍ය ගායනා සමස්ත ලංකා ප්‍රථම ස්ථානය ඇහැටුවැව විකාදෙනිගම විද්‍යාලයේ එච්.එම්.අරෝෂ මෙත්සර හේරත් ශිෂ්‍යයා හිමිකරගෙන තිබෙන බව එම විද්‍යාලයේ විදුහල්පති ඩබ්ලිව්.එම්.කුමාරපාල මහතා පැවසීය.
මෙම ජයග්‍රහණය සඳහා විකාදෙනිගම විද්‍යාලයේ සිංහල විෂය භාර ආචාරිනී එච්.එම්.එස්.එම්.හේමතිලක මහත්මිය සහ සංගීත ආචාරිනී විශාරද කේ.ඩී.එම්.ජයන්තා කුලතුංග මහත්මිය විශාල වෙහෙසක් දැරෑ බව විදුහල්පතිවරයා කීය.
සමස්ත ලංකා ප්‍රථම ස්ථානය හිමිකර ගත් අරෝෂ මෙත්සර හේරත් විකාදෙනිගම විද්‍යාලයේ හයවන (6) ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. 


(කලාවැව අතුල බංඩාර නෙළුම්පත්ගම)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...