ගණිත අංශයෙන් මහනුවරින් පළමු තැන ත්‍රිත්ව විදුහලේ රහල්ට

2025 අප්‍රේල් මස 20 ප.ව. 05:12 - {{hitsCtrl.values.hits}}  

මෙවර අ. පො. ස. උසස් පෙළ විභාගයට ගණිත විෂය ධාරාව යටතේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉදිරිපත් වූ, මහනුවර ත්‍රිත්ව විදුහලේ රහල් තාරක නානායක්කාර ශිෂ්‍යයා මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානයටත්, දිවයිනේ 14වැනි ස්ථානයටත් පත් ව ඇත.

          පළමු වසරේ සිට ම ත්‍රිත්ව විදුහලේ ඉගෙනුම ලැබූ රහල් නානායක්කාර සාමාන්‍ය පෙළ විභාගයෙන් ද ‘A’ නවයක් හිමි කර ගත්තේ ය. විෂය හා විෂය බාහිර ක්‍රියාකාරකම්වල ද උනන්දුවෙන් යෙදුණු ඔහු පොත්පත් කියවීමත්, ගවේෂණ චාරිකාවල නියැලීමත් විනෝදාංශ කර ගෙන ඇත. ඔහු තම ජයග්‍රහණය සඳහා කැපවූ දෙමවුපියන්ටත්, විදුහල්පතිතුමාටත්, පන්ති භාර ගුරුතුමා ඇතුළු ඇදුරු මඩුල්ලටත්, පන්තියේ මිතුරන්ටත්, තම සොහොයුරු රජීව්ටත් සිය ස්තුතිය පුද කරයි.

          පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය සමන් නානායක්කාර මහතාගේත්, එම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඉන්දුමතී නානායක්කාර මහත්මියගේත් වැඩිමහල් පුතණුවන් වූ රහල් ඉංජිනේරුවකු වී රටට සේවය කිරීමට ආශාවෙන් සිටී.

(ඇන්ටන් විජේරත්න විසිනි)

DSC_0665

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...