වීරෝදාගම විදුහලේ ශිෂ්‍ය නායක නායිකාවෝ දිවුරැම් දෙති

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 05:04 - {{hitsCtrl.values.hits}}  

වීරෝදාගම ප්‍රාථමික විද්‍යාලයේ  නව ශිෂ්‍ය නායක නායිකා මණ්ඩලය  දිවුරැම් දීම හා ඔවුන්ට නිල ලාංඡන පැලඳවීම විදුහල්පති සුමිත් ලියනආරච්චි මහතා හා ශිෂ්‍යනායක කමිටුව භාර ආචාර්ය මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වුණි. එහිදී ශිෂ්‍ය නායක නායිකාවෝ තම මවුපියන් අතින් නිල ලාංඡන පැලඳියහ.
05 වසරේ සිට මෙම දරැවන්ට නායකත්වය පිළිබඳව දැනුමක් ලබාදිය යුතු බවත් ඒ සඳහා දරැවන් මුල සිටම හුරැ පුරැදු කළ යුතු බවත් විදුහල්පති සුමිත් ලියනආරච්චි මහතා උත්සවයට පැමිණ සිටි මවුපියන් අමතා ප්‍රකාශ කර සිටියේය. 
 (මිද්දෙනිය - තිළිණ උදාර)   

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...