වෙන්දේසියාය විද්‍යාලයේ සිතුම්ට පද්‍ය ගායනා පළාත් ජයක්

2025 අප්‍රේල් මස 20 ප.ව. 12:41 - {{hitsCtrl.values.hits}}  

වියලුව අධ්‍යාපන කොට්ඨාසයට අයත් මීගහකිවුල බ/ වෙන්දේසියාය විද්‍යාලයේ 11 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන ඩී. එම්.සිතුම් දමින්ද අබේරත්න සිසුවා   2017 - සිංහල භාෂාව හා සාහිත්‍යය තරගාවලිය යටතේ පැවැති  පද්‍ය ගායනා තරගයෙන් ඌව පළාතේ ප්‍රථම ස්ථානයත් ,සමස්ත ලංකා තරගයෙන් තෙවැනි ස්ථානයත්  හිමිකර ගැනීමට සමත්ව ඇතැයි විදුහල්පතිවරයා පැවැසීය.
එසේම ඔහු  2016 වසරේදී ද  සිංහල භාෂාව හා සාහිත්‍යය තරගාවලිය යටතේ පැවැති දහවැනි ශ්‍රේණිය  පද්‍ය ගායනා තරගයෙන් ඌව පළාත් ප්‍රථම ස්ථානයත් සමස්ත ලංකා මට්ටමේ පස්වැනි ස්ථානයත් හිමිකරගෙන ඇත.
මෙම ජයග්‍රහණවලට අමතරව මීගහකිවුල කොට්ටාස, වියලුව  කලාප  , බදුල්ල දිස්ත්‍රික් හා ඌව පළාත් තරග රුසකින්ද ඔහු විවිධ ජයග්‍රහණ රුසක්ම හිමිකරගෙන ඇතැයිද විදුහල්පතිවරයා පැවැසීය 
විදුහල්පති ඩී. එම්. නන්දසේන මහතාගේ උපදෙස් හා මග පෙන්වීම මත සංගීත විෂය භාර ඩී. එම්. තාරක ප්‍රියභාෂණ හා සිංහල විෂය භාර එස්. ජේ.එම්. කේ. පී . ප්‍රියභාෂණ යන මහත්ම මහත්මීන්ද ඩී.එම්. සිතුම් දමින්ද අබේරත්න සිසුවා මෙම තරගාවලිය සඳහා සූදානම් කර ඇත.
(වියලුව වාර්තාකර නිශාන්ත කුමාර)

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...