ශ්‍රී ජයවර්ධනපුර කලාප ඉංග්‍රීසි සතිය මාලඹේ ආදර්ශ පිරිමි විදුහලේ දී

2025 අප්‍රේල් මස 19 ප.ව. 09:26 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපය පාසල් මට්ටමින් සංවිධානය කළ %ඉංග්‍රීසි සතිය^ නිමිත්තෙන් විශේෂ උත්සවයක් මාලඹේ ආදර්ශ පිරිමි විද්‍යාලයීය අභිනව තෙමහල් ශ්‍රවණාගාර පරිශ්‍රයේදී පසුගියදා පැවැත්වුණි.
බස්නාහිර පළාත් ඉංග්‍රීසි විෂය අධ්‍යක්ෂිකා ලීනා විජේසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී නාට්‍ය, නර්තනාංග, ගීත, සාකච්ඡා හා කථන ආදී වැඩසටහන් රුසක් ඉදිරිපත් කෙරිණි. 
මාලඹේ ආදර්ශ පිරිමි විද්‍යාලයේ විදුහල්පති සිසිර ගුණරත්න මහතාගේ උපදේශකත්වයෙන් හා ඉංග්‍රීසි විෂය භාර ආචාරිනී හා සම්බන්ධීකාරක කුෂ්ලානි දාබරේරා මහත්මියගේ මූලිකත්වයෙන් මෙම වැඩ සටහන සම්පාදනය කළ අතර, ඒ සඳහා සියලුම ඉංග්‍රීසි විෂය භාර ගුරැ මහත්ම මහත්මීහු හා ද්වි භාෂාවෙන් අධ්‍යාපනය හදාරන සියලුම සිසුහු හා මවුපියන් පූර්ණ දායකත්වය ලබා දුන්හ. 
(බෙත්මි අමල්යා)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...