ශ්‍රී ධර්මඥාන ධර්මායතන මහ පිරිවෙනේ ත්‍යාග ප්‍රදානෝත්සවය

2024 දෙසැම්බර් මස 24 පෙ.ව. 05:48 - {{hitsCtrl.values.hits}}  

මාකූර ශ්‍රී ධර්මඥාන ධර්මායතන මහ පිරිවෙනස්ථ ශ්‍රී ධර්මඥාන ධර්මායතන මහ පිරිවෙනෙහි 2016/17 වර්ෂවල සමස්ත ලංකා පළාත් හා දිස්ත්‍රික් තරගවලින් ජයග්‍රහණ ලැබූ ගිහි පැවිදි ශිෂ්‍යයන්හට ත්‍යාග හා සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවය උඩුබුලත්ගම පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක අඹගමුව විජයබා පිරිවෙන් විහාරාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය හඟරාපිටියේ නන්දසාර ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන්  එම පිරිවෙනේදී පසුගියදා පැවැත්වුණි. 
 පසුගිය වසරේ විශ්ව විද්‍යාල වරම් හිමි කර ගත් ස්වාමීන් වහන්සේලා 06 නමකට රැපියල් විසිපන්දහස බැගින් රැපියල් එක්ලක්ෂ පනස්දාහක මුදලක් පිරිවෙන මගින් ප්‍රදානය කෙරිණ. අමරපුර සංඝ සභාවේ සභාපති අතිපූජ්‍ය ගන්තුෙන් අස්සජී ස්වාමීන් වහන්සේ,විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය  ජාතික උරැමයන් පිළිබඳ හිටපු අමාත්‍ය ජගත් බාලසූරිය හා පාර්ලිමේන්තු මන්ත්‍රී තාරක බාලසූරිය යන මහත්වරැ ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් එක්ව සිටියහ.
(දමුණුපොළ චමින්ද ජයලත්)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...