ශිෂ්‍යත්ව සමතුන් ඇගයේ

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 09:57 - {{hitsCtrl.values.hits}}  

විල්බාගෙදර කනිෂ්ඨ විද්‍යාලයේ සහ කටගමුව ප්‍රාථමික විද්‍යාලයේ මෙවර පහවසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වූ සිසුන් ඇගයීමට ලක්කර ඔවුනට තිළිණ ප්‍රදානය කිරීම විල්බාගෙදර ශෛලතලාරාම පුරාණ විහාරයේදී ඉකුත් දා සිදුකෙරිණි.
 විල්බාගෙදර කනිටු විද්‍යාලයේ සිසුන් හයදෙනෙකුද ,කටගමුව ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් හයදෙනෙකුද  ,මෙදින ඇගයීමට ලක්කෙරිණි.
විහාරාධිපති කෙසෙල්වතුගොඩ සුමංගල හිමියන්ගේ ප්‍රධානත්වයෙන්  ,හංවැල්ල ශ්‍රී ශෛලබිම්බාරාමාධිපති කරැපනාවල ධම්මජීව හිමියන්ගේ දායකත්වයෙන්,විදුහල් දෙකෙහි විදුහල්පතිවරැන් හා ආචාර්ය මණ්ඩලයේද සහභාගිත්වයෙන් උලෙළ පැවැත්වුණි .
සත්කෝරල මාධ්‍ය සංසදය විසින් උලෙළ සංවිධානය කෙරැණු අතර සිසුන්ගේ හා මාධ්‍යවේදීන් ගේ ගීත ගායනාවලින් උලෙළ වර්ණවත් කෙරිණි.
(නිකවැරටිය ,ප්‍රියානි මංගලිකා)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...