සීතාවක සාහිත්‍ය කලා මහෝත්සවය තරගවලින් ජයගත් සිසුන්ට ත්‍යාග

2025 අප්‍රේල් මස 11 ප.ව. 06:14 - {{hitsCtrl.values.hits}}  

හංවැල්ල (සීතාවක) ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කළ සාහිත්‍ය කලා මහෝත්සවය සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පසුගියදා පැවැත්වුණි.
මෙම උත්සවයට සමගාමීව පැවැත්වුණු සාහිත්‍ය තරගවලින් ජයග්‍රහණය කළ වැඩිහිටියන්ට හා පාසල් සිසුන්ට වටිනා තිළිණ සහ සහතික පත් ද පිරිනැමීම ද මෙදින සිදුවුණි.
මේ අවස්ථාවට කොළඹ මහ දිසාපති (දිස්ත්‍රික් ලේකම්) සුනිල් කන්නන්ගර, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අවිස්සාවේල්ල (එ.ජා.ප) සංවිධායක ලෙනාඩ් කරැණාරත්න, පළාත් සභා මන්ත්‍රී මහේෂ් අල්මේදා මහත්වරැ, සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත රෝහණ මහතා ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරැ ද, ප්‍රදේශවාසීහු ද සහභාගී වූහ. 


(අවිස්සාවේල්ල විශේෂ සෝමසිරි හිඟුරලආරච්චි)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...