සුභාරතී මහාමාත්‍ය විදුහලේ රංග ශාලාවට මුල්ගල තබයි

2025 අප්‍රේල් මස 19 ප.ව. 09:29 - {{hitsCtrl.values.hits}}  

ගොඩගම සුභාරතී මහාමාත්‍ය විද්‍යාලයේ ඉදිකිරීමට නියමිත රංග ශාලාව සහිත තෙමහල් ගොඩනැගිල්ලට මුල්ගල තැබීම බස්නාහිර පළාත් අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරැණි. මේ සඳහා බස්නාහිර පළාත් සභා ප්‍රතිපාදන යටතේ රැපියල් මිලියන 100ක් වැය කිරීමට නියමිතය.
එම අවස්ථාවට පැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු අනෙකුත් ආරාධිත අමුත්තන් පිළිගැනීම සිසු දරැ දැරියන් විසින් සිදු කෙරැණි. එම අවස්ථාවට හෝමාගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පාලිත දේශප්‍රිය වීරසූරිය, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (සැලසුම්), සී.හෙට්ටිආරච්චි, විදුහල්පති සමන් මංජුල යන මහත්වරැ ද , ආරාධිත අමුත්තෝ ද, විදුහලේ ආචාර්ය මණ්ඩලය ද, ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ද, සිසු සිසුවියෝ රුසක් ද සහභාගි වූහ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...